Popular Posts


RSS Feed
Follow us on Twitter
Find us on Facebook
Find us on Linked In
Get free emails in your inbox

Search This Blog

Powered by Blogger.
Powered by Gadgematic Lanka - Widget

අමා මෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත ප්‍රඥාව විවර කිරීමක් වන හැත්තෑ තුනක් වූ (73) නුවණ තෙසැත්තෑ ඤාණ නමින් හැඳින්වේ. දම් සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ, බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ මෙම ඤාණ නුවණින් දැක වදාළහ.


අනන්ත වූ සසරේ පුරන ලද පාරමී බලයෙන් අමා මෑණි බුදුපියාණන් වහන්සේට මෙම තෙසැත්තෑ ඤාණ ලැබී ඇත. තෙසැත්තෑ ඤාණ නිතර මෙනෙහි කරන්නේ නම්, එම අනන්ත වූ බුද්ධ ඤාණ බලයෙන් මෙලොව පරලොව සැනසීම ලැබීමට එය හේතු වනු ඇත.
1. සොතාවධානෙ පඤ්ඤා සුතමයේ ඤාණං
බෝසතාණන් වහන්සේ පෙර බුදු හිමිවරුන්ගේ දහම් ඇසීමෙන් ලත් ප්‍රඥාව, සුතමය ඤාණයයි.
2. සූත්වාන සංවරේ පඤ්ඤා, සීලමයේ ඤාණං
සුතමය ඤාණයෙන් ලැබූ ප්‍රඥාවෙන් පාරිශුද්ධ වූ බුදුන් වහන්සේ, පාරිශුද්ධි සීල ස්කන්ධයෙන් පරිපූර්ණ වීමේ ප්‍රඥාව සීලමය ඤාණයයි.
3.සංවරිත්වා සමාදහනේ පඤ්ඤා
සමාධි භාවනාමයේ ඤාණං
මඟ ඵල නිවන් ලබන සීලයේ පිහිටා සිත නොයෙක් අරමුණුවල විසිර යා නොදී සංවර වීමෙන් සිත තැන්පත් කර ගැනීමේ නුවණ, සමාධි භාවනා මය ඤාණයයි.
4.පච්චය පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිති ඤාණං
හේතු ඵල සහිත නාම රූප ධර්ම නොයෙක් අන්දමින් දන්නා වූ නුවණ, ධම්මට්ඨිති ඤාණයයි.
5.අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංඛිපිත්වා වවත්ථානේ පඤ්ඤා , සම්මසතන ඤාණං
අතීත අනාගත වර්තමාන තුන් කාලයටම අයිති පඤ්චස්කන්ධ යෙහි වෙන වෙනම නුවණ මෙහෙයවා ත්‍රිලක්ෂණ යට යොමු කිරීමේ නුවණ ,සම්මසනෙ ඤාණයයි.
6.පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයබ්බයානු පස්සනේ ඤාණං
වර්තමාන වශයෙන් ලැබෙන්නා වූ පඤ්චස්කන්ධ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම හා නැතිවීම පිළිබඳ නුවණින් බැලීම, උදයබ්බයානුපස්සනේ ඤාණයයි.
7.ආරම්මණං පටිසංඛා භංගානු පස්සනේ පඤ්ඤා විපස්සනේ ඤාණ
නාම රූප ස්කන්ධයන්ගේද විදර්ශනා ඤාණයාගේද බිඳී යෑම නැවත නැවත නුවණින් සැලකීමේ ප්‍රඥාව භංගානුපස්සනා නම් විදර්ශනා ඤාණයයි.
8.භයතුපට්ඨානේ පඤ්ඤා ආදීන වේ ඤාණං
ඉපදීම පැවතීම අරමුණු ගැනීම, රැස් කිරීම යන මේ සෑම සංස්කාරයක්ම බිය උපදවන දේ වශයෙන් වැටහීම හා නිර්වාණය එකම ක්‍ෂේම ස්ථානය වශයෙන් වැටහීමේ නුවණ, ආදීනව ඤාණයයි.
9.මුඤ්චිකු කම්‍යතා පටිසංඛා සන්තිට්ඨතා පඤ්ඤා, සංඛාරුපෙක්ඛාසු ඤාණං
මිදෙනු කැමැත්ත ඊට උපාය සැලසීම, උපේක්‍ෂා වශයෙන් නැවතීම සහ තුන් ආකාරයෙන් ඇති ප්‍රඥාව , සංඛාරු පෙක්ඛාසු ඤාණයයි.
10.බහිද්ධා වුට්ඨාන විවට්නේ පඤ්ඤා
ගොත්‍රභූඤාණං
බාහිර සංස්කාර නිමිත්තෙන් නැගී විදර්ශනාවෙන් අරමුණු කොට ගන්නා ලද නිවනට නැඹුරු වූ ප්‍රඥාව , ගෝත්‍රභූ ඤාණයයි.
11.දූභතො වුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා
මග්ගේ ඤාණං
නිමිත්ත එය පැවැත්වීම යන දෙකින් නැගී, පරාමර්ශනය වන ප්‍රඥාව මාර්ග ඤාණයයි.
12.පයොග පටිප්පස්සද්ධි පඤ්ඤා ඵලෙ ඤාණං
උද්යෝගිවත් මාර්ග භාවනාව (දූභතෝ වුට්ඨාන) නිම වීමෙන් ලැබෙන ප්‍රඥාව , ඵල ඤාණය යි.
13. ඡින්න වටුමානු පස්සනෙ පඤ්ඤා
විමුක්ති ඤාණං
නැසූ කෙලෙසුන් ප්‍රත්‍යවේක්‍ෂා කිරීමේ (නැවත සලකා බැලීමේ )ප්‍රඥාව විමුක්ති ඤාණයයි
14. තදා සමුදාගතෙ ධම්මෙ පස්සෙන පඤ්ඤා පඤඤවෙක්ඛණෙ ඤාණං
සිවු මඟ ඵල වලට පැමිණීමෙන් ලැබෙන්නා වූ මාර්ග ඵල නිවන ආදී ධර්ම දැකීමේ ප්‍රඥාව පච්චවෙක්ඛණේ ඤාණයයි.
15.අජ්ඣත්ත වවත්ථානෙ පඤ්ඤා
වත්ථූ නානත්තේ ඤාණං
ඇස , කන නාසය දිව ශරීරය මනස යන අධ්‍යාත්මික ආයතන බෙදා එහි යථා ස්වභාව මෙනෙහි කරන්නා වූ නුවණ, වත්ථු නානත්ත ඤාණයයි.
16. බහිද්ධා වවත්ථානෙ පඤ්ඤා
ගෝචර නානත්තෙ ඤාණං
රූප , ශබ්ද, ගන්ධ, රස , ස්පර්ශ, ධම්ම යන බාහිර ආයතන බෙදා එහි යථා ස්වභාව මෙනෙහි කරන්නා වූ නුවණ, ගෝචර නානත්ත ඤාණයයි.
17.චරියා වවත්ථානෙ පඤ්ඤා
චරියා නානත්තෙ ඤාණං
කුසලා කුසල වශයෙන් හටගන්නා වූ විඤ්ඤාණ චරියා අඤ්ඤාණචරියා, ඤාණචරියා, වෙන් වෙන් වශයෙන් විදර්ශනා කරන නුවණ, චරියා නානත්ත ඤාණයයි.
18.චතු ධම්ම වවත්ථානේ පඤ්ඤා
භුමි නානත්තෙ ඤාණං
සතරක් සතරක්ව බෙදී ගිය ධර්ම කොට්ඨාශ මෙනෙහි කිරීමේ නුවණ, භූමි නානත්ත ඤාණයයි
19.නව ධම්ම වවත්ථානෙ පඤ්ඤා
ධම්ම නානත්තෙ ඤාණං
කාමාවචර කුසල වශයෙන් නව නව වැදෑරුම් ධර්ම මෙනෙහි කිරීමේ නුවණ, ධම්ම නානත්ත ඤාණයයි
20.අභිඤ්ඤා පඤ්ඤා , ඤාතට්ඨෙ ඤාණං
ස්කන්ධ පංචකයේ ලක්ඛණ, රස , පච්චුපට්ඨාන, පදට්ඨාන යන ස්වභාව අර්ථ තත්වාකාරයෙන් දන්නා වූ නුවණ, ඤාතට්ඨෙ ඤාණයයි.
21.පරිඤ්ඤා පඤ්ඤා තීරණට්ඨෙ ඤාණං
නාම රූප ස්කන්ධයන්හි සැඟවී ඇති තිලකුණු විවෘත කරන්නා වූ නුවණ, තීරණාට්ඨ ඤාණයයි.
22.පහානෙ පඤ්ඤා පරිච්චාගට්ඨෙ ඤාණං
අනිත්‍යානු පස්සනාදී සප්ත අනුපස්සනාවන්ගේ වශයෙන් නිත්‍ය සංඥාදිය ප්‍රහාණය කරමින් විදර්ශනා මාර්ගයේ කෙළවර පැමිණියා වූ නුවණ පරිච්චාගට්ධෙ ඤාණයයි.
23.භාවනා පඤ්ඤා එක රසට්ඨෙ ඤාණං
ශාන්ත වූ නිවනට සම්ප්‍රාප්ත වීමේ අදිටනින් සද්ධාදී ධර්ම කෙරෙහි ඇති කරගන්නා භාවනාමය නුවණ, ඒක රසට්ඨ ඤාණයයි.
24.සච්ඡිකිරියා පඤ්ඤා ඵුසනට්ඨෙ ඤාණං
නාම රූප ධර්ම වල යථා ස්වභාව ප්‍රතිවේධ කිරීමෙන් හටගන්නා වූ ද , සුවිසුද්ධ පරිපූර්ණ භාවනා ඵලය ගෙන දන්නා වූ ද නුවණ, ඵුසනට්ඨ ඤාණයයි.
25.අත්ථ නානත්ත පඤ්ඤා අත්ථ පටිසම්භිදෙ ඤාණං
හේතු ඵල විපාකාදීයෙහි අර්ථයන්ගේ ඒවායේ නා නා ස්වභාවයන්හි පැවැති නුවණ, අත්ථපටිසම්භිදේ ඤාණයයි.
26.ධම්ම නානත්තෙ පඤ්ඤා ධම්ම පටිසම්භිදෙ ඤාණං
හේතු ධර්ම රාශිය පිළිබඳ යථා ස්වභාවය තත්වාකාරයෙන් අවබෝධ කරගත් නුවණ ධම්මපටිසම්භිදේ ඤාණයයි.
27.නිරුත්ති නානත්තේ පඤ්ඤා නිරුත්ති පටිසම්භිදෙ ඤාණං
අර්ථ ධම්ම නිවැරැදිව පිරිසුදුව භාවිතා කිරීමේ සමර්ථ නුවණ නිරුත්ති පටිසම්භිදේ ඤාණයයි
28.පටිභාන නානත්තෙ පඤ්ඤා පටිභාන පටිසම්භිදෙ ඤාණං
අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිසම්භිදා ඤාණත්‍රය අරමුණු කොට පහළ වන්නා වූ නුවණ පටිභාන පටිසම්භිදා ඤාණයයි.
29.විහාර නානත්තේ පඤ්ඤා විහාරට්ඨෙ ඤාණං
නා නා විදර්ශනා විහරණ නුවණ, විහාරට්ඨ ඤාණය යි
30. සමාපත්ති නානත්තෙ පඤ්ඤා සමාපත්තට්ඨෙ ඤාණං
ලොව්තුරු ඵල සමවතින් හට ගන්නා වූ ද නිත්‍ය සංඥා දිය දුරලන්නා වූද අනිමිත්තා දී නා නා සම්පත්ති පිළිබඳ නුවණ, සමාපත්තට්ඨෙ ඤාණයයි
31.විහාර සමාපත්ති නානත්තෙ පඤ්ඤා විහාර සමාපත්තට්ඨෙ ඤාණං
නිත්‍ය සංඥාදිය දුරලන්නා වූ ද අනිමිත්තානු පස්සනාදිය ඇසුරු කරන්නා වූ ද විදර්ශනා ඵල සමවත් පිළිබඳ නුවණ විහාර සමාපත්තට්ඨෙ ඤාණයයි.
32. අවික්ඛෙප පරිසුද්ධත්තා ආසව සමුච්ඡදෙ පඤ්ඤාආනන්ත.රික සමාධිම්හි ඤාණං
සමාධියම පිරිසුදු කරමින් අනුසය සහිත කාමාදී ආශ්‍රව සිඳලන්නා වූ ආනන්තරික සමාධි ඤාණයෙන් අග තැන්පත් වූ නුවණ ,ආනන්තරිකා සමාධි ඤාණයයි.

33. දස්සනාධිපතෙය්‍යං සන්තොච විහාරාධිගමො පණිතාධිමුත්තතා පඤ්ඤා අරණ විහාරෙ ඤාණං
විදර්ශනාවෙහි අධිපතිභාවයෙන් උපදින්නාවූද, ශාන්ත වූ රහත්ඵල සමවත් සුවය දෙන්නා වූ ද, නිවනෙහි අධිමුක්ති සහිත වූ නුවණ, අරණ විහාර ඤාණයයි.
34. ද්වීහි බලෙහි සම්පන්නාගතත්තා තයෝච සංඛාරානං පටිප්පස්සද්ධියා සොළසහි ඤාණ චරියාහි නවහි සමාධි චරියාහි වසි භාවතා පඤ්ඤා නිරෝධ සමාපත්තියා ඤාණං.
සමථ විදර්ශනාවෙන් පරිපූර්ණ වූ ත්‍රිවිධ සංස්කාරයන්ගේ නිරෝධය සඳහා වූ ඤාණ පැවතුම් සොළසකින්ද, සමාධිචරියා නවයකින් ද වසී භාවය ඇති නුවණ, නිරෝධ සමාපත්ති ඤාණය යි.
35. සම්පජානස්ස පවත්ත පරියාදානෙ පඤ්ඤා පරිනිබ්බානෙ ඤාණං.
ක්ලේශ පරිනිර්වාණ, ස්කන්ධ පරිනිර්වාණ සර්ව ප්‍රකාරයෙන් දන්නා වූ නුවණ, පරිනිබ්බාණ ඤාණය යි.
36. සබ්බ ධම්මානං සම්මා සමුච්ඡේදෙ නිරොධෙව අනුපට්ඨානතා පඤ්ඤා සමසීසට්ඨෙ ඤාණං.
කාම, රූප, අරූප යන තුන් ලොවෙහි සකල ස්කන්ධ නැවත නුපදනා ආකාරයෙන් සිඳීයෑමෙන් අර්හත්වයත්, පරිනිර්වාණයත් එකවර සිදුවන අයුරු තත්ත්වාකාරයෙන් දන්නා වූ නුවණ සමසීසට්ඨෙ ඤාණය යි.
37. පුථූ නානත්තතෙජ පරියාදානෙ පඤ්ඤා සල්ලෙඛටිඨෙ ඤාණං
ලොව්තුරු ගුණෙන් වෙන් වූ රාගාදින් ද නානත්ත වූ කාමච්ඡන්දාදීන් ද ගෙවාලන නුවණ, සල්ලෙඛට්ඨ ඤාණය යි.
38. අසල් ලීනත්ත පහිතත්ත පග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං
නොහැකිලුණු සිතැති වූ ද, කාය, ජීවිත නිරපේක්ෂායෙන් හළා වූ ද උත්සාහයේ නුවණ, විරියාරම්භ ඤාණය යි.
39. “නා නා ධම්මප්පකාසනතා පඤ්ඤා අත්‍ථ සන්දස්සනේ ඤාණං”
ධර්ම දේශනා කිරීමෙහි පහළ වූ; නා නා ධර්ම ප්‍රකට කොට දක්වන නුවණ, අත්ථ සන්දස්සන ඤාණය යි.
40. සබ්බ ධම්මානං එක සංගහතා නානත්තෙකත්ත පටිවෙධෙ පඤ්ඤා දස්සන විසුද්ධි ඤාණං
සියලු සංඛ්‍යාත, අසංඛත ධර්ම එක එකකින් පිළිසිඳ දැනගන්නා වූ ද නානත්ව, ඒකත්ව ධර්මවල ප්‍රතිවේදයේ ද නුවණ, දස්සන විසුද්ධි ඤාණයයි.
41. විදිතත්තා පඤ්ඤා ඛන්ති ඤාණං
රූපාදී ස්කන්ධ පංචකය පිළිබඳ සියලු තතු විදර්ශනාවෙන් දැනගත්තා වූ නුවණ, ඛන්ති ඤාණය යි.
42. පුට්ඨත්තා පඤ්ඤා පරියොගාහණෙ ඤාණං
රූප ස්කන්ධාදිය ත්‍රිලක්ෂණයට නංවා තියුණු අයුරින් විදර්ශනාවට බැසගත්තා වූ නුවණ පරියෝගාහණ ඤාණ ය යි.
43. සමොදහනෙ පඤ්ඤා පදෙසවිහාරෙ ඤාණං
ස්කන්ධ ආයතනාදීන් අතරින් වේදනාමාත්‍රය වෙන්කොට විදර්ශනා කරන්නවූ නුවණ, පදෙස විහාර ඤාණය යි.
44. අධි පතත්තා පඤ්ඤා විවට්ඨෙ ඤාණං
නෙක්ඛම්ම සංකල්පනාදිය අධිකව වැඩීමෙන් කාමච්ඡන්දාදිය මැඩලන්නා වූ නුවණ, විවට්ට ඤාණය යි.
45. නානත්තෙ පඤ්ඤා චෙතො විවට්ටෙ ඤාණං
ප්‍රහාණය කටයුතු වූ කාමච්ඡන්දාදියෙන් වෙන්කොට නෙක්ඛම්ම ආදියෙහි පිහිටුවන්නා වූ නුවණ, චේතෝවිවට්ට ඤාණය යි.
46. අධිට්ඨානෙ පඤ්ඤා චිත්ත විවට්ටෙ ඤාණං
නෙක්ඛම්මාදියෙහි සිත පිහිටුවාලන භාවිත චිත්ත සන්තිය, භාවනා අරමුණෙහි පිහිටුවාලන නුවණ, චිත්ත විවට්ට ඤාණයයි.
47. සුඤ්ඤතෙ පඤ්ඤා ඤාණ විවට්ටෙ ඤාණං
නාම රූප ස්කන්ධය ආත්ම අත්මීයතාවෙන් ඒකාන්තයෙන් හිස් යැයි දන්නා වූ ශුන්‍යතානු දර්ශන නුවණ, ඤාණ විවට්ට ඤාණය යි.
48. වොස්සග්ගෙ පඤ්ඤා විමොක්ඛ විවට්ටෙ ඤාණං
කාමච්ඡන්දාදියෙන් දුරලන්නා වූ විමුක්තිය ගෙනදෙන ;නක්ඛම්මාචියෙහි පැවති නුවණ, විමොක්ඛ විවට්ට ඤාණය යි.
49. තථට්ඨෙ පඤ්ඤා සච්ච විවට්ටෙ ඤාණං
චතුරාර්ය සත්‍ය අතර වෙන වෙනම ඇත්තා වූ පිළිණ, සංඛනාදී සත්‍යාර්ථ පැහැදිලිව දන්නා වූ නුවණ, සච්ච විවට්ට ඤාණය යි.
50. කායම්පි චිත්තම්පි එක වවත්ථානතා සුඛ සඤ්ඤඤ්ච ලහු සඤ්ඤඤ්ච අධිට්ඨානවසෙන ඉජ්ක්‍ධනම්ඨෙ පඤ්ඤා ඉද්ධිවිධෙ ඤාණං
භාවනා මනසිකාරයෙන් අභිඥා පාදක චතුර්‍ථ ධ්‍යාන චිත්තය හා රූප කය ද එකතුකොට සුඛ සංඥා ලඝු සංඥා අධිෂ්ඨානවෙන් ඉටු වන්නා වූ නුවණ, ඉද්ධිවිධ ඤාණය යි.
51. විතක්ක විප්ඵාර වසෙන නානත්තෙකත්ත සද්ද නිමිත්තානං පරියොගාහණෙ පඤ්ඤා සොත ධාතු විසුද්ධි ඤාණං

ළඟ වූ ද, දුර වූ ද සූක්ෂම වූ ද ඒක විධ, නා නා විධ වූ ද ශබ්ද නිමිති අතිශයින් පැහැදිලිව දැන ගන්නා නුවණ සෝද ධාතු විසුද්ධි ඤාණයය යි.
52. තින්නං චිත්තානං විප්ඵාරත්තා ඉන්ද්‍රියානං පසාද වසෙන නානත්තෙකත්ත විඤ්ඤාණවරියා පරියොගාහණෙ පඤ්ඤා චේතොපරි ඤාණං
සොම්නස්, දොම්නස්, මැදහත් වේදනා සහිත චිත්ත වේගයෙන් ප්‍රසන්න වූ ද, අප්‍රසන්න වූ ද, ඉන්ද්‍රිය සදෙනාගේ වශයෙන් අනුන්ගේ සිත් සතන් ඇති සැටියෙන් දැන ගන්නා නුවණ, චේතෝපරිය ඤාණය යි.
53.පච්චය පවත්තානං ධම්මානං නානත්තෙක්ත්ත කම්ම විප්ඵාර වසෙන පරියොගාහණෙ පඤ්ඤා පුබ්බේ නිවාසානුස්සති ඤාණං
කුසලා කුසල කර්ම හේතුකොටගෙන පෙර විසූ කඳපිළිවෙළ තත්ත්වාකාරයෙන් දන්නා නුවණ, පුබ්බේ නිවාසානුස්මෘසති ඤාණය යි.
54. ඔභාස වසේන නානත්තෙකත්ත රූප නිමිත්තානං දස්සනට්ඨෙ පඤ්ඤා දිබ්බ චක්ඛු ඤාණං
තේජෝ කසිණ ඕදාත කසිණ ආලෝක කසිණ යන කසිණ අනුව ලබන චතුර්ථ ධ්‍යාන දිවැස් නුවණ, දිබ්බචක්ඛු ඤාණය යි.
55.චතුසට්ඨියා ආකාරෙහි තින්නන්නං ඉන්ද්‍රියානං වසීභාවතා පඤ්ඤා ආසවානං ඛයෙ ඤාණං
සූ සැට ආකාරයකින් ලෝකෝත්තර ඉන්ද්‍රිය තිදෙනාගේ වසී භාවයෙහි පැමිණි නුවණ, ආසවක්ඛය ඤාණ ය යි.

56. පරිඤ්ඤට්ඨෙ පඤ්ඤා දුක්ඛේ ඤාණං
පිළින, සංඛත, සන්තාප විපරිණාම යන සතර වැදෑරුම් වූ දුක්ඛාර්ථ ඇති සැටියෙන් දන්නා වූ නුවණ, දුක්ඛේ ඤාණය යි.
57. පහානට්ඨෙ පඤ්ඤා සමුදයෙ ඤාණං
ආයුහණ, නිදාන, සංයෝග, පළිබෝධ යන සිවු වැදෑරුම් සමුදයාර්ථ නුවණින් දැක සමුදය සත්‍යය ප්‍රහාණය කරමින් උපදින්නා වූ නුවණ, සමුදයේ ඤාණය යි.
58. සච්ඡි කිරියට්ඨෙ පඤ්ඤා නිරෝධෙ ඤාණං
නිස්සරණ, විවේක, අසංඛත අමත යන සිවු පරමාර්ථ දන්නා නුවණ, නිරෝධයේ ඤාණය යි.
59. භාවනට්ඨෙ පඤ්ඤා මග්ගෙ ඤාණං
නිය්‍යාණික, හේතු දස්සන ආධිපතෙය්‍ය යන මාර්ගාර්ථතත්ත්වාකාරයෙන් දන්නා නුවණ, මග්ග ඤාණය යි.
60. දුක්ඛෙ ඤාණං
ස්කන්ධ රැස් කිරීමෙහි හා විපරිණාමයෙහි හටගන්නා වූ දුක අවබෝධ කිරීමේ නුවණ, දුක්ඛේ ඤාණය යි.
61. දුක්ඛ සමුදෙය ඤාණං
දුකට හේතු වූ තෘෂ්ණාව මනාව හඳුනා ගැනීම දුක්ඛ සමුදයේ ඤාණය යි.
62. දුක්ඛ නිරෝධ ඤාණං
ස්කන්ධ දුක්ඛයෙන් තොර වූ තෘෂ්ණාවට අරමුණු නොවන්නා වූ සිවු ම¼ග නුවණින් දත යුතු වූ නිර්වාණ ධාතුව තත්ත්වාකාරයෙන් අවබෝධ කළා වූ නුවණ, දුක්ඛ නිරෝධ ඤාණය යි.
63. දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාය ඤාණං
සත්‍ය දර්ශනයෙන්ම සනාථ වූ ආර්ය මාර්ගය පිළිබඳ සියල්ල දන්නා වූ නුවණ, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ඤාණය යි.
64. අත්ථ පටිසම්භිදෙ ඤාණං
ආර්ය පුද්ගලයන්ට ලැබෙන්නා වූ සියලු අර්ථ සමූහය උසුලන්නා වූ විසුද්ධ වූ නුවණ, අත්ථ පටිසම්භිදේ ඤාණය යි.
65. ධම්ම පටිසම්භිදෙ ඤාණං
පරිපූර්ණ ධර්මකාය සමාපත්තියෙන් යුක්ත වූ සියලු ධර්ම සමුහය උසුලන්නා වූ නුවණ, ධම්ම පටිසම්භිදේ ඤාණය යි.
66. නිරුත්ති පටිසම්භිදේ ඤාණං
නිරුත්තිය ලොවට පහදා වදාළ නුවණ, නිරුත්ති පටිසම්භිදේ ඤාණය යි.
67. පටිභාන පටිසම්භිදේ ඤාණං
අර්ථ , ධර්ම නිරුත්ති ඤානත්‍රය දන්නා නුවණ, පටිභාන පටිසම්භිදේ ඤාණයයි.
68. ඉන්ද්‍රිය පරෝපරියත්තෙ ඤාණං
මඟඵල නිවන් සුව ලැබීමේ හේතු සම්පත් ඇත්තා වූ විනේ දනන්ගේ සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්ම පිළිබඳ වැඩුණු නොවැඩුණු උස් පහත් බහ හා හීන ප්‍රනීතාදිය පිළිබඳ දන්නා නුවණ, ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණය යි.
69. සත්තානං ආසයානුසයෙ ඤාණං
සත්වසන්තානයේ ඇති සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි, නෙක්ඛම්ම මනසිකාරාදී පරිභාවිත ස්වභාව නම් වූ ආසය දන්නා වූ ද, සත්ව සන්තානයේ හටගන්නා ක්ලේශ නම් වූ අනුසය දන්නා වූ ද නුවණ, ආසයානුසයේ ඤාණය යි.
70. යමක පටිහාරියෙ ඤණං
සෘද්ධි බලයෙන් හෙට්ඨිමකාය, උපරිමකාය, සකල ශරීර ප්‍රදේශයෙන් එක්වර ගිනිකඳ, දිය කඳ විහිදුවමින් පානා ප්‍රාතිහාර්ය දන්නා නුවණ, යමක පටිහාරියේ ඤාණය යි.
71. මහාකරුණා සමාපත්තියා ඤාණං
සසර කතරේ ඉපදෙමින් මැරෙමින් දුක් විඳින සත්වයා ඒ දුකින් මුදවා ගනිමියි මෙනෙහි කරන නුවණ මහාකරුණා සමාපත්ති ඤාණය යි.
72. සබ්බඤ්ඤුත ඤාණං
හේතුවෙන් හටගන්නා වූ සංඛත ධර්මද, හේතුවෙන් හටගන්නා වූ අසංඛත නිර්වාණ ධර්මය ද සර්වඥතා ඤාණයෙන් දැනගන්නා වූ නුවණ, සබ්බඤ්ඤුත ඤාණය යි.
73. අනාවරණ ඤාණ
සර්වඥතා ඤාණයට කිසි තැනකදී ආවරණය නොවන්නා වූ ආවර්ජනා කළ මාත්‍රයෙන් සියල්ල අරමුණ කරන්නා වූ නුවණ පහාවරණ ඤාණය යි

0 comments

Post a Comment

සජීවීව රේඩියෝ අහන්න​

Image Crunch

Archives

දස අතින් පිටුවට ආපුඅය​

My Blogger TricksAll Blogger TricksTechtunes
Blogger Tricks