Popular Posts


RSS Feed
Follow us on Twitter
Find us on Facebook
Find us on Linked In
Get free emails in your inbox

Search This Blog

Powered by Blogger.
Powered by Gadgematic Lanka - Widget

දානංච ධම්මචරියා

ඤාතකානංච සංගහො

අනිවජ්ජානි කම්මානි

එතං මංගල මුත්තමං






මේ එම ගාථාවයි. මෙහි උතුම් මංගල කාරණා හතරක් ඇතුළත් වී ඇත. එම මංගල කාරණා වන්නේ දානය, ධර්මයෙහි හැසිරීම, සිය ඥාතීන්ට සංග්‍රහ කිරීම , නිවැරැදි කර්මාන්තයන්හි නියැළීම යන සතරය.
මෙහි පළමු මංගල කාරණය වන්නේ දානය යන්නය. දානය යනු දීමයි. තමා සතු දේ අන්සතු කොට දීම මින් අදහස් කරයි. තමා සතු දේ අන්සතු කොට දීමේදී එය මතු යහපත් විපාක ගෙන දෙන්නේය යන නිවැරැදි දෘෂ්ටිය ඇතිව සිතේ ඇති වන ශෝභන චෛතසිකය හෙවත් පිරිසිදු චේතනාව දානය ලෙස නම් කළ හැකිය. මෙයයි ‘දාන’ යන්නට නියමිත නිර්වචනය වන්නේ. යමක් පරිත්‍යාග කරනා විට හට ගන්නා සොම්නස් සහගත සිතිවිලි ධාරාව දානමය පින්කමයි.
මෙහිදී ලබන උසස් සතුට සමාජයේ ගෞරවයට හා විශ්වාසයට පාත්‍ර වීම , දායකයාගේ කීර්ති රාවය පැතිරීම දන් දෙන අය මෙලොවදී ම ලබන ආනිශංස කීපයකි. පරලොව දිව්‍ය මානුෂික සැප සම්පත් ලැබීමට දානය හේතුවකි. එහෙත් දන් දෙන බෞද්ධයාගේ අරමුණ විය යුත්තේ, එය නොවෙයි. දානයේ ප්‍රතිඵල ලෙස ඒ දේවල් නිරායස විය යුත්තේ “ සසර ගමන නිම කර ලබන නිවන් සුවයයි . ඒ සඳහා පදනම දානමය කුසලයෙන් ඇතිකර ගත හැකිය. මල් පහන් පිදීම - අන් අයට යමක් දීම වැනි ක්‍රියා ආමිස දානයි. සිල් රැකීම භාවනාදියේ තම දේවල් අත්හැරීම ලෞකික බැඳීම් වලින් මිඳීම සුළු වශයෙන් හෝ සිදු වෙයි. ඇලීම් බැඳීම් තුනී වනවා නම් එයයි. දානමය කුසලය සිදු කිරීමේ පරමාර්ථ මෙය නිවනට උපනිශ්‍රය වෙයි. ලෝභය තුනී කිරීම මින් අදහස් කරයි. ලෞකික සැප සම්පත් හා දෙව් සැප බලාපොරොත්තුවෙන්ම දන් දෙනවා නම් එය ද පිනකි. එහෙත් එම පින එක එල්ලේම නිවන සඳහාම යොමු නොවෙයි. එහෙත් ඉහත සඳහන් කළ පරිදි දානය සමඟ ලෝභාදී කෙලෙස් යටපත් කිරීමෙන් ලබන කුසලය නිවනට පාදකවෙයි.
මෙහි සඳහන් දෙවන මංගල කාරණය වන්නේ ධර්ම චර්යාවෙහි හැසිරීමයි. ‘ දස කුසල කර්ම පථ වල හැසිරීම මින් අදහස් වෙයි. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිථ්‍යාචාර යන කායික දුසිරිත් වලින් වැළකීම හා කරුණාව, පරෝපකාරය, සුචරිත දහම් හි හැසිරීම ධර්ම චර්යාවයි. එසේම මුසාවාද, කේලාම්, ඵරුස වචන, හිස් වචන, යන වචනයෙන් වන වැරැදි වලින් වැළකී සත්‍ය වූ අර්ථවත් වදන් තෙපළන්නේ නම් එය ධර්ම චර්යාවයි. මේ හැරුණු විට දැඩි ලෝභය , තරහා ගති , වැරැදි විශ්වාස ආදී මානසික තැවුල් වලින් වෙන් වී දහමට අනුව දිවිය ගත කිරීම ධර්මචර්යාවයි. නිරන්තරයෙන් ඉහත සඳහන් අකුසල කර්ම වලින් වැළකී ධර්මානුකූල ජීවිත ගත කිරීම මෙයින් අදහස් කරයි. ධර්මපාල ජාතකයෙන් කියැවෙන පරිදි ප්‍රාණඝාතාදී අකුසල කර්ම වලින් වෙන්වී ධර්මානුකූලව ජීවත් වීමෙන් දීර්ඝායුෂ ලැබිය හැකිය.
මෙහි සඳහන් තුන් වන මංගල කාරණය වන්නේ ඤාතකානංච සංගහෝ ‘ යන්නයි. තම ඥාතීන්ට සංග්‍රහ කිරීම උදව් උපකාර කිරීම මින් කියැවෙයි.
මෙලොව උපන් සැමට කවරෙකු හෝ ඥාතියෙක් සිටියි. විවිධ සම්බන්ධතා මත මේ ඥාතිත්වය ගොඩ නැගී ඇත. මේ සියලු ඥාතීන්ට සංග්‍රහ කළ යුතු වුවත් එය එක සමානව සිදු කළ නොහැකිය . මෙහිදී තමාට සමීපතම පුද්ගලයා ආසන්නම නෑයා ලෙස පිළිගනියි. තමාට නියම ආදරණීය ඥාතියා වන්නේ තම යහපතට දියුණුට මූලිකව ක්‍රියා කරන තැනැත්තායි. ඒ පි‍්‍රයශීලි ඥාතියාට තමාගෙන් ඉටු විය යුතු යුතුකම් මනාව ඉටු කළ යුතුයි.
සිඟාලෝවාද සූත්‍රාගත සමාජ සම්බන්ධතාවල යුතුකම් ආදිය ඥාති සංග්‍රහ ලෙස නම් කළ හැකිය.
ඊළඟ මංගල කාරණය වන්නේ ‘අනවජ්ජානි කම්මානි’ යන්නයි. මින් අදහස් කැරෙන්නේ නිවැරැදි කටයුතු කළ යුතු බවයි. අප ජීවත් වන විට විවිධ කටයුතු කරනා අතර ඉන් සමහර ක්‍රියා තමන්ටත් අන්‍යයන්ටත් හානිකර වෙයි. එසේම සමහර අය කළ ක්‍රියා ගැන සිතමින් පසු තැවෙයි. දුක් වෙයි. මෙහි නිවැරැදි ක්‍රියා ලෙස නම් කර ඇත්තේ තමන්ටත් අන් අයටත් හානියක් නොවන හිංසාවක් නොවන, දෙඅංශයටම යහපත සිදු වන ක්‍රියායි. එසේම යමක් සිදු කොට පසු තැවීමට හේතු නොවන සතුටු විය හැකි ක්‍රියාය. තවද තම සිතට එකඟ ආගම ධර්මයට පටහැනි නොවන - ලෝකාපවාදයට ලක් නොවන ක්‍රියා ය. එසේම පුද්ගල ලෞකික දැහැමි දියුණුවට සහ පරලොව දියුණුවට හේතු වන ක්‍රියාදාමය ද නිවැරැදි යහපත් ක්‍රියා ගණයට වැටෙයි.
එබඳු නිවැරැදි ක්‍රියා ‘කුසල ක්‍රියා’ ලෙසත් පුණ්‍ය ක්‍රියා ලෙසත් හැඳින්විය හැකිය. මෙවැනි යහපත් කර්ම කිරීමෙන් මෙලොව ප්‍රශංසාදිය හා පරලොව ස්වර්ග මෝක්‍ෂ සම්පත් ලැබිය හැකි නිසා එය දෙලොව දියුණුවට හේතු වන උතුම් මංගල කරුණක් වෙයි.
මෙහි සඳහන් කරන ලද මංගල කරුණු හතර ගැන ඔබේ අවධානය යොමු කොට , ඔබත් උතුම් ජීවිතයක් ගත කරන්න.

0 comments

Post a Comment

සජීවීව රේඩියෝ අහන්න​

Image Crunch

Archives

දස අතින් පිටුවට ආපුඅය​

My Blogger TricksAll Blogger TricksTechtunes
Blogger Tricks